Posts

ශ්‍රීපාලි විදුහලේ මෙහෙවර

ශ්‍රීපාලි මෙහෙවර විද්‍යාලයීය සුවිශේෂි අනන්‍යතාවයට ගරු කරන, කවර අංශයකින් සිප් සතර හැදෑරුවද  දරුවන් සතු සෞන්දර්ය කෞශල්‍යයන් එළි දක්වමින්, තම අභිප්‍රායයන් සමස්ත සමාජ උන්නතිය වෙනුවෙන්  කැප කළ හැකි, දැනුම කුසලතා සහ ය හපත් ආකල්පයන්ගෙන් සපිරි, විනය ගරුක..... විශිෂ්ට සම්පන්න..... විනීත..... සිසු කැලක් සමාජගත කිරීමට  මං පෙත් එළි පෙහෙළි කිරීම  ශ්‍රීපාලියේ මෙහෙවරයි !

ශ්‍රීපාලි විදුහලේ දැක්ම

ශ්‍රීපාලි දැක්ම සකල කලාවෙන් පිරිපුන් ශිල්ප නැණින් යුතු උතුමන් විශ්ව කර්ම වූ මිනිසුන් බිහි කරන බිම ශ්‍රීපාලිය යි !

පාසල් ගීතය

ශ්‍රීපාලි පාසල් ගීතය මෙසිරි ලක්දිව තුම් ශ්‍රීපාලී   අපේ සත්සල දිනේ // ලෝකුස කිත් රැස් විහිදා පුන්සඳ සේ සත්සල දිනේ මෙසිරි ලක්දිව ...   පෙර දිගිනි පෙනේවි කඳු ශ්‍රීපායේ මතිනි අලුකර ලෝදා හුදු රුවන් සකස් සේ බමමින් දිනිඳු උදාවේ // එසේ සිසුන් තුළේ උපන් මෝහ තමස් සුබින්දවා සත්සල දිනේ // මෙසිරි ලක්දිව ...   මද සුළං හමන්නා සිපතුරු හෙල් වටැති සුළං හමන්නා සිසු ගිමන් නිවේ සතන් පිපේ තොස් වඩවන්නා // නැණ දිරි වැඩේ එයින් බොහෝ උසස් සිසුන් ලබා සත්සල දිනේ // මෙසිරි ලක්දිව ...   සිරි රැන්ඳු ලෝකුසේ ලකේ ජාති මුක්තිය දද නංවනා ලෙසේ වද සින්ද දමා තමන් සැපත් දිවිත් ලේ පුදා // දන ප්‍රීති ගඟේ ලනැන් නැණත් බලැත් පුතුන් ලබා සත්සල දිනේ // මෙසිරි ලක්දිව ...